hitcounter

ස්ටෙන්ස් සහ අක්ෂිකාච රජයේ රෝහල්වලට පිටින් ගැනීම නවතී

In දේශීය
stent

අක්ෂි කාච සහ හෘද ප්‍රතිකාර සදහා ස්ටෙන්ස් ලබාගැනීමට රජයේ රෝහල් වලට පැමිණෙන රෝගීන්ට වෛද්‍යවරුන් විසින් මුදල් ලබාගැනීම තහනම් බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා. ඒ සදහා වන චක්‍රලේඛය නිකුත් කරන ලෙස වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ ලාල් පනාපිටියට නියෝග කර ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යවරයා සදහන් කලේ.  අමාත්‍යවරයා මෙම පියවර ගෙන ඇත්තේ රෝහල්වලට පැමිණෙන රෝගීන්ගෙන් මුදල් අයකර ගැනීමට වෛද්‍යවරුන් කටයුතු කරන බවට පැමිනිලි ලැබීම හේතුවෙන්. කොළඹ ජාතික රෝහලේ හෘද රෝග ඒකකය ඉදිරිපිට ස්ටෙන්ස් අලෙවි කරන සමාගම් වල නියෝජිතයින් සිටින බවට  ද අමාත්‍යවරයාට තොරතුරු ලැබී තිඛෙනවා. ඒ අනූව ඔවුන්ට රෝහල් පරිශ්‍රයට ඇතුලු වීම තහනම් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහට දැනුම් දී ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කලේ.

You may also read!

gene-cernan

සදටගිය අවසන් මිනිසා අවසන් ගමන් යයි

සදමත පා තැබූ අවසන් මිනිසා යනුවෙන් ලොවපුරා අවධානය දිනාගත් අමෙරිකානු ගගනගාමී කපිතාන් ජෙන් සර්නන් මියගොස් තිඛෙනවා. වර්ෂ 1972 දී

Read More...
_93584220__93552411_eight_richest_men_624-2-1

ලොවෙන් අඩක් ධනය අට දෙනෙකු අතේ

ඔක්ස්ෆෑම් පුණ්‍යායතනය උපුටා දක්වමින් බී බී සී සංදේශය සදහන් කලේ ප්‍රකෝටිපතියන් අට දෙනෙකු සතු ධනය ලොව ජනගහනයෙන් අඩක්වූ දුගී

Read More...
dsc_1406

ප්‍රවාහන ඇමති උතුරු පළාත් සභාවට දෙහි කපයි

උතුරු පළාත් සභාව වැඩි බලයක් ඉල්ලුවද ලබාදී ඇති බලයෙන් හෝ ප්‍රයෝජන ගෙන නැතැයි ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා

Read More...

Leave a reply:

Your email address will not be published.

Mobile Sliding Menu