hitcounter

සංවර්ධනයට ගල් ගසන්නන්

In උණුසුම් පුවත්, කතු වැකිය
stoning
ශ්‍රී ලංකාව යනු තවමත් සංවර්ධනය වෙමින් පවතින රටකි. නොඑසේනම් 3 වන ලෝකයේ රටකි. රටක් ලෙස ඉදිරියට යාමට සංවර්ධන ව්‍යාපෘති අත්‍යවශ්‍යය. ඒවා ගුවන් තොටුපල / වරාය / මහාමාර්ග හෝ මහා පරිමාණ කර්මාන්තශාලා විය හැකිය. ශ්‍රී ලංකාව වැනි දියුණුවෙමින් පවතින රටකට මෙවැනි මහා පරිමාණ ව්‍යාපෘති ස්වකීය තාක්ෂණය හෝ ප්‍රතිපාදන යොදාගෙන නිමකිරීම තවමත් අසීරු ඉලක්කයකි. එබැවින් ඒ සඳහා විකල්ප 2 ක් තිබේ. එක්කෝ ගිනි පොළියට ණය ලබාගත යුතුය. නැත්නම් විදෙස් රටක හෝ තවත් බාහිර පාර්ශවයක ආයෝජන මගින් එම ව්‍යාපෘති නිම කල යුතුය.
මින් පසුගිය රාජපක්ෂ රජය පෙළඹුණේ චීනය වැනි රටවලින් අධික පොළී යටතේ ණය ලබාගෙන සංවර්ධන ව්‍යාපෘති ඉටු කිරීමයි. හම්බන්තොට වරාය / මත්තල ගුවන් ගුවන් තොටුපළ වගේ දේවල් ගොඩනගන්න චීනයෙන් ණය ගැනීමේදී මහා පරිමාණ කොමිස් ගැනීම් ගැනත් චෝදනා එල්ලවුණා. එහෙම කරලත් එම ව්‍යාපෘතිවලින් රටට කොච්චර ආදායමක් ලැඛෙනවාද කියන එක ප්‍රශ්න සහගතයි. මත්තල ගුවන් තොටුපළට දවසටම එන්නේ එක ගුවන් යානයයි. නැත්නම් දෙකයි.
attack-2-army-5
හම්බන්තොට වරායට නැව් එන්න ගත්තේ වාහන නැව් සියල්ල එහෙට හරවා යැවීමත් එක්කයි. 2015 දී සම්මුතිවාදී රජයට මේ සියල්ල භාරගන්න වුණේ රටට දැරිය නොහැකි ණය බරකුත් එක්කයි. හරියටම කියනවා නම් රුපියල් බිලියන 9000 ක්. ඒ කියන්නේ රුපියල් කෝටි ලක්ෂ 9 ක්. (රු 900 000 000 000 0) සමහර කැල්කියුලේටරවල මේ අගය පවා අංකනය කරන්න බැහැ. ඒ තරමට රාජපක්ෂ රජය ගත්තු ණය ගෙවන්න මේ වත්මන් ආණ්ඩුවට තව ණය ගන්න වෙනවා. ඒ ණය ගෙවන්න තව කෙනෙක්ගෙන් ණය ගන්න වෙනවා. මේ ක්‍රමයට තිත තියන්න තමයි සුදු අලි බවට පත්වෙලා තියෙන ඇතැම් ව්‍යාපෘති පොදු පුද්ගලික සහයෝගීතා වැඩසටහනකට යොමුකරන්න අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් තීරණය කෙරුණේ.
මේ යටතේ මිහින් ලංකා කියන රටට බරක් වෙච්ච ආයතන වහලා දාලා ශ්‍රී ලංකන් ගුවන් සේවය හා ඒකාබද්ධ කිරීමෙන් දැන් ඔවුන් ලාභ ලබන මාවතකට පිවිසී අවසන්. ජනාධිපතිවරයාගේ පදවි ප්‍රාප්තියේ දෙවන සංවත්සරයට සමගාමීව වැඩ කටයුතු ආරම්භ කෙරුණු කුලියාපිටියේ වාහන එකලස් කම්හල / හොරන ටයර් කම්හල / කොග්ගල හා තුල්හිරියේ කර්මාන්තශාලා විවෘත කලාම ලැඛෙන රැකියා ගණන 26000 කට අධිකයි.
 protest-against-sale-of-hambantota-port-21
 protest-against-sale-of-hambantota-port-33
2020 වසර වනවිට නව රැකියා ලක්ෂ 10 ක් බිහිකිරීම එක්සත් ජාතික පක්ෂය පසුගිය මහ මැතිවරණයේදී ජනතාවට දුන්නු ප්‍රධාන පොරොන්දුවක්. ඒ යටතේ හම්බන්තොට ආයෝජන කලාපයක් බිහිකරලා රැකියා ලක්ෂ ගණනක් බිහිකෙරෙන දැවැන්ත ව්‍යාපෘතියකට චීනය එක්ක රජය මුලපිරුවේ රට තුළ දැවැන්ත සංවර්ධනයක් ඇතිකිරීමේ අපේක්ෂාවෙන්. මේකෙන් හම්බන්තොට චීන කොළණියක් වෙන්නේවත් ඉඩම් බලහත්කාරයෙන් පවරා ගැනීමක්වත් වෙන්නේ නැහැයි කියලා පුනපුනා කියද්දි අවස්ථාවාදී පරාජිත බලලෝභී දේශපාලනඥයන් පිරිසකගේ උසිගැන්වීම්වලට යටත්වුණු පිරිසක් අධිකරණ නියෝගයක් පවා කඩකරමින් විරෝධතා කලා.
15909879_1102074083249480_475749252_n 15941728_1102074193249469_59092908_n
ආරක්ෂක අංශවලට පවා ගල්මුල් එල්ල කලා. ඔවුන් මේ ගල් ගහන්නේ රටේ සංවර්ධනයට නොවේද ? රට ඉදිරියට යනවා නම් ඒක කුමන පාර්ශවය කලත් ඇති වැරැද්ද කුමක්ද ? වොක්ස්වැගන් නොවේ මරුටි හෝ කම්හලක් ලංකාවේ විවෘත වෙනවා නම් ඒකෙන් රැැකියා ලැඛෙන්නේ ලාංකිකයන් හැටියට අපිට නෙවෙයිද ? ඇයි මේ අවස්ථාවාදී කුහක දේශපාලනඥයන්ට මේ ටික තේරුම් ගන්න බැරි ?
 protest-against-sale-of-hambantota-port-20
මෙතන තියෙන්නේ තේරුම් ගන්න බැරිකම නොව දැන දැනත් ජනතාව උසිගැන්වීමයි. කිසියම් අයුරකින් මෙවැනි ව්‍යාපෘති ආරම්භ වී රට දැවැන්ත සංවර්ධනයකට යාමෙන් ප්‍රධාන අවාසිය ඇතිවෙන්නේ පරාජිත දේශපාලනඥයන්ටය. වත්මන රජය කෙරෙහි ජනතාව තුළ ප්‍රසාදය ඇතිවීම වලක්වාලීමට ඔවුන් නොගන්නා උත්සාහයක් නොමැත්තේය. මෙතනදී රජය සෘජු තීන්දුවක් ගත යුතුමය. සංවර්ධනයට බාධා කරන කඩාකප්පල්කාරීන්ට යටත් නොවී ඉදිරි ගමන යා යුතුය. අලුත් දෙයක් පටන් ගත් සෑම අවස්ථාවකදීම බාධා එල්ලවීම සාමාන්‍ය දෙයකි. එහෙත් කල් යත්ම එහි ප්‍රතිලාභ වටහාගැනීමත් සමග කවුරු කවුරුත් ඊට ප්‍රසාදය පළ කරති. හණමිටි අදහස් දරන්නන්ට ගොන් කරත්තයෙන් යාමට ඉඩදී හයිබ්‍රිඩ් කාරයෙන් ගමන යා යුතු කාලය එළැඹී තිබේ.
15894755_10211848318466106_8915765241646657720_n-e1483774820190 protest-against-sale-of-hambantota-port-14

You may also read!

gene-cernan

සදටගිය අවසන් මිනිසා අවසන් ගමන් යයි

සදමත පා තැබූ අවසන් මිනිසා යනුවෙන් ලොවපුරා අවධානය දිනාගත් අමෙරිකානු ගගනගාමී කපිතාන් ජෙන් සර්නන් මියගොස් තිඛෙනවා. වර්ෂ 1972 දී

Read More...
_93584220__93552411_eight_richest_men_624-2-1

ලොවෙන් අඩක් ධනය අට දෙනෙකු අතේ

ඔක්ස්ෆෑම් පුණ්‍යායතනය උපුටා දක්වමින් බී බී සී සංදේශය සදහන් කලේ ප්‍රකෝටිපතියන් අට දෙනෙකු සතු ධනය ලොව ජනගහනයෙන් අඩක්වූ දුගී

Read More...
dsc_1406

ප්‍රවාහන ඇමති උතුරු පළාත් සභාවට දෙහි කපයි

උතුරු පළාත් සභාව වැඩි බලයක් ඉල්ලුවද ලබාදී ඇති බලයෙන් හෝ ප්‍රයෝජන ගෙන නැතැයි ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා

Read More...

Leave a reply:

Your email address will not be published.

Mobile Sliding Menu