hitcounter

මහින්ද හොඳ / මෛත්‍රී නරක – ඊර්ෂ්‍යාව – අගමැති

In උණුසුම් පුවත්
ranil-mitri-parlimant

හම්බන්තොට පරිපාලන සංකීර්ණය හා කර්මාන්ත පුරය අවශ්‍ය නොවේනම් වහා එය සදහන් කරන්නැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද පාර්ලිමේන්තුවෙන් විමසීමක් කලා. අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ ජනාධිපතිවරයා පවා එම කර්මාන්තපුරය පොළොන්නරුවට ලබාදෙන්නැයි ඉල්ලා ඇති බවයි. මේ පිලිබඳ නොදැනුවත්කමින් විවිධ පුද්ගලයින්ගේ මැදිහත්වීමෙන් විරෝධතා සිදුකරන බවයි රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේ. ඕනෑම සංවර්ධන ව්‍යාපෘතියක් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා සිදුකරද්දී හොදවීමටත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සිදුකරන අවස්ථාවේදී නරක් වීමටත් හේතුව ඊර්ෂ්‍යාව බවයි අග්‍රාමාත්‍යවරයා සදහන් කලේ. එම අවස්ථාවේදි අග්‍රාමාත්‍යවරයා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා අතර ඇතිවූයේ මෙවන් සංවාදයක්.

මෙහිදී අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ කියා සිටියේ සාමකාමී විරෝධතාවක් නොසන්සුන් තාවයට පත්කලේ එක් පිරිසක් විසින් බවයි. කෙසේවෙතත් කොලඹින් රැගෙන ගිය ජනතාව මෙලෙස විරෝධතාවට පොළඹවා සාමකාමී විරෝධතාව නොසන්සුන් කල බවද මන්ත්‍රීවරයා කියා සිටියා.

You may also read!

gene-cernan

සදටගිය අවසන් මිනිසා අවසන් ගමන් යයි

සදමත පා තැබූ අවසන් මිනිසා යනුවෙන් ලොවපුරා අවධානය දිනාගත් අමෙරිකානු ගගනගාමී කපිතාන් ජෙන් සර්නන් මියගොස් තිඛෙනවා. වර්ෂ 1972 දී

Read More...
_93584220__93552411_eight_richest_men_624-2-1

ලොවෙන් අඩක් ධනය අට දෙනෙකු අතේ

ඔක්ස්ෆෑම් පුණ්‍යායතනය උපුටා දක්වමින් බී බී සී සංදේශය සදහන් කලේ ප්‍රකෝටිපතියන් අට දෙනෙකු සතු ධනය ලොව ජනගහනයෙන් අඩක්වූ දුගී

Read More...
dsc_1406

ප්‍රවාහන ඇමති උතුරු පළාත් සභාවට දෙහි කපයි

උතුරු පළාත් සභාව වැඩි බලයක් ඉල්ලුවද ලබාදී ඇති බලයෙන් හෝ ප්‍රයෝජන ගෙන නැතැයි ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා

Read More...

Leave a reply:

Your email address will not be published.

Mobile Sliding Menu