hitcounter

මහින්ද රාජපක්ෂ බයේ පැනලා ගියා – ජනපති

In උණුසුම් පුවත්
6

වර්ථමාන රජය වසර 2 ක කාලයක් තුළදී සිදුකල දේ කුමක්දැයි බොහෝ දෙනෙක් ප්‍රශ්න කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ ජනාධිපතිවරයාගේ පදවි ප්‍රාප්තියට වසර දෙකක් පිරීම වෙනුවෙන් පැවති තිරසර යුගයක – තෙවසර ඇරඹුම සැමරුම් උළෙලට සැමරුමට අද එක්වෙමින්. රටේ නිදහස පිලිබද ගැටලුවක් පැවති කාලයේදී පවා දැවැන්ත නිදහසක් ජනතාවට මෙන්ම මාධ්‍යයට ලබාදීමට හැකිවූ බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ. රටේ මාධ්‍යවේදීන්ට ලබාදී ඇති නිදහසේ ප්‍රමාණය කිවහොත් නිදහස දෝරෙ ගලා යන බවත් එම නිදහස මහෝගයක් ලෙස අර්ථ දැක්විය හැකි බවත් ජනාධිපතිවරයා සදහන් කලා.

වත්මන් රජය කිසිදු අයුරකින් මාධ්‍යවේදීන් මහමග මරා නොදැමූ බවත් මේ වසර දෙක තුළදි කිසිදු මාධ්‍යවේදියකු රට හැර නොගිය බවද ජනාධිපතිවරයා සිහිපත් කලා. මේ හේතුවෙන් මාධ්‍ය වයස වයස අවුරුදු 15 ක 16 ක දරුවකුගේ ස්වරූපයක් ගෙන ඇති බවයි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සදහන් කලේ. දී ඇති නිදහස පරිනත වූ විට යහපත් විනයක් ඇතිවනු ඇතැයි තමා අපේක්ෂා කරන බවද ජනාධිපතිවරයා කියා සිටියා.

ඇතැමුන් සංවර්ධනය සම්බන්ධයෙන් ප්‍රශ්න කරන බවත් ඊට දියහැකි පිළිතුර වන්නේ පැවති රජය ගෙන ගිය සංවර්ධන වැඩපිලිවෙලේ මහා ණය බර ගෙවීමට වත්මන් රජයට සිදුව ඇති බවයි ජනාධිපතිවරයා සිහිපත් කලේ. වත්මන් රජයට කලින් දුටු කෘති්‍රම ලෝකයට යා නොහැකි බව සදහන් කල ජනාධිපතිවරයා කියා සිටියේ  හම්බන්තොට උද්ඝෝෂන පවත්වන පුද්ගලයින්ට පැවසීමට ඇත්තේ කිසිදු තැනක භූමිය පාවා දී නොමැති බවයි. හම්බන්තොටට සංවර්ධන ව්‍යාපෘති ප්‍රතික්ෂේප කරන්නේ නම් ඒ සියල්ල පොළොන්නරුවට ලබාදෙන ලෙසද ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියා.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ධුරකාලයේ වසර 2 ක් තිබියදී ජනාධිපතිවරණයකට ගියේ ජාත්‍යන්තරයෙන් ආ බලපෑම් වලට මුහුණ දීමට ඇති නොහැකියාව හේතුවෙන් බවයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එහිදී අවධාරනය කලේ.තමා සමග කිසිවකුත් අලුත් ආන්ඩු සැකසීමට අවශ්‍ය නොවන බවත් තිඛෙන ආණ්ඩුව සමග එක්ව රට සැදීමට පැමිනෙන ලෙසද ජනාධිපතිවරයා සියල්ලන්ට ඇරයුම් කලා.

You may also read!

gene-cernan

සදටගිය අවසන් මිනිසා අවසන් ගමන් යයි

සදමත පා තැබූ අවසන් මිනිසා යනුවෙන් ලොවපුරා අවධානය දිනාගත් අමෙරිකානු ගගනගාමී කපිතාන් ජෙන් සර්නන් මියගොස් තිඛෙනවා. වර්ෂ 1972 දී

Read More...
_93584220__93552411_eight_richest_men_624-2-1

ලොවෙන් අඩක් ධනය අට දෙනෙකු අතේ

ඔක්ස්ෆෑම් පුණ්‍යායතනය උපුටා දක්වමින් බී බී සී සංදේශය සදහන් කලේ ප්‍රකෝටිපතියන් අට දෙනෙකු සතු ධනය ලොව ජනගහනයෙන් අඩක්වූ දුගී

Read More...
dsc_1406

ප්‍රවාහන ඇමති උතුරු පළාත් සභාවට දෙහි කපයි

උතුරු පළාත් සභාව වැඩි බලයක් ඉල්ලුවද ලබාදී ඇති බලයෙන් හෝ ප්‍රයෝජන ගෙන නැතැයි ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා

Read More...

Leave a reply:

Your email address will not be published.

Mobile Sliding Menu