hitcounter

ආණ්ඩුවට මඩ ගැසීමෙන් මුද්‍රණ කර්මාන්තයත් ලාභ ලබනවා – අගමැති

In උණුසුම් පුවත්
capture-2

රජයේ සංවර්ධන ව්‍යාපෘති වලට ඉඩ නොදී කකුලෙන් ඇදීමෙන් පාඩුව සිදුවන්නේ ආදායම් මාර්ග ඉපයීමට බලාපොරොත්තු වන ජනතාවට බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ තිරසර යුගයක – තෙවසර ඇරඹුම සැමරුම් උළෙලට පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රන ශාලාවේදී එක්වෙමින්. ඇතැම් කරනු සම්බන්ධයෙන් ඉදිරියේදී  දැඩි තීන්දු ගැනීමට සිදුවිය හැකි බවයි අග්‍රාමාත්‍යවරයා එහිදී කියා සිටියේ. විනාශ වූ රටක් ඉදිරියට ගෙන යාම පහසු කරුනක් නොවන අතර සිංහල දෙමළ ජනතාව එක් කිරීම මෙන්ම ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක එක්වීමේදී පවා දැඩි ගැටලුවලට මුහුනදීමට සිදුවූ බවයි රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා එහිදී කියා සිටියේ.

රජයට මඩ ප්‍රහාර එල්ල කරන තරම කිවහොත් මුද්‍රන කර්මාන්තය පවා විශාල ලාභ උපයන බවයි අග්‍රාමාත්‍යවරයා සදහන් කලේ. එතරම් නිදහසක් වර්ථමානයේදී රජය විසින් ලබාදී ඇති බවද අග්‍රාමාත්‍යවරයා එම අවස්ථාවේදී සිහිපත් කලා.

You may also read!

gene-cernan

සදටගිය අවසන් මිනිසා අවසන් ගමන් යයි

සදමත පා තැබූ අවසන් මිනිසා යනුවෙන් ලොවපුරා අවධානය දිනාගත් අමෙරිකානු ගගනගාමී කපිතාන් ජෙන් සර්නන් මියගොස් තිඛෙනවා. වර්ෂ 1972 දී

Read More...
_93584220__93552411_eight_richest_men_624-2-1

ලොවෙන් අඩක් ධනය අට දෙනෙකු අතේ

ඔක්ස්ෆෑම් පුණ්‍යායතනය උපුටා දක්වමින් බී බී සී සංදේශය සදහන් කලේ ප්‍රකෝටිපතියන් අට දෙනෙකු සතු ධනය ලොව ජනගහනයෙන් අඩක්වූ දුගී

Read More...
dsc_1406

ප්‍රවාහන ඇමති උතුරු පළාත් සභාවට දෙහි කපයි

උතුරු පළාත් සභාව වැඩි බලයක් ඉල්ලුවද ලබාදී ඇති බලයෙන් හෝ ප්‍රයෝජන ගෙන නැතැයි ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා

Read More...

Leave a reply:

Your email address will not be published.

Mobile Sliding Menu