hitcounter

කෙට්ටු වෙන්න නිදාගන්න

In ලිය අභිමන්, සුව දිවිය
couple

දැන් කාලේ කාන්තාවන් බොහෝ දෙනෙක්ට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි බරවැඩිකම නැත්තම් තරබාරුකම. විශේෂයෙන්ම වැරදි ආහාර පුරුදු නිසයි මහත්වෙන්නේ / බරවැඩි වෙන්නේ කියල හිතුවත් එකම හේතුව ඒකම නෙවෙයි කියල ඔබ දන්නවාද?

ඔබ දිනකට ලබා ගන්නා සුව නින්ද නිසාම සිරුරේ බර රාත්තල් කිහිපයකින් අඩුකර ගන්න පුලුවන් කිවුවම ඔබට පුදුමත් හිතේවී. දිනකට පැය හයහමාරක් පැය අටහමාරක් පමණ කාලයක් අනිවාර්යෙන්ම ඕනෑම කෙනෙක්ට සුව නින්දක් අවශ්‍යයයි. ඒ තරම් කාලයක නින්දක් ලබන විට ශරිරයේ මේද තැන්පත්වීමේ අවධානම ඉතාම අඩු අගයක් ගන්නේ. සිරුර මහත්වෙන්න ප්‍රධානම හේතුවක් මෙද තැන්පත්වීම.

තවත් ඉවත් කල යුතු පුරුද්දක් තමයි එක එක වෙලාවට නිදාගන්න පුරුද්ද. එහෙම උනාම හරිහමන් නින්දක් ලැඛෙන්නේ නෑ ශරිරයට. හැම දවසකම එකම වෙලාකට කාලසටහනකට නින්දට යන ඔබගේ සිරුරේ මේදය නියමිත මට්ටමක පවත්වා ගන්න පුලුවන්.

නිදාගන්න පරිසරයේ උෂ්ණත්වය අවම කරන්න. සිසිල් පරිසරයකින් යුත්ත කාමරයක නිදාගන්න විට මේදය දහනය කිරීම සදහා සිරුරේ ක්‍රියාකාරිත්වය වැඩිවෙනවා. ඒ වගේම පරිවෘත්තීය ක්‍රියාවලිය පහසුවන අතර ඉන්සියුලීන් සංවේදිතාව ද වර්ධනය වනවා. අදුරු කාමරයක නිදාගන්නවානම් තරබාරුවීම අඩුවනවා. නිදන කාමරයට තිරරෙදී දාන්න අමතක කරන්න එපා.

මීට අමතරව නිදා ගැනීමට පැය භාගයකට කලින්වත් ඔබ තාක්ෂණික මෙවලම් වලින් ඈත්වෙන්න. විශේෂයෙන්ම ජංගමදුරකථනය / ටැබ්එක / පරිගනකය වැනි දේවල් වලින් අනිවාර්යෙන්ම ඇත්වෙන්න. එවැනි උපකරනවල නිල් පැහැති ආලෝකය සිරුරේ මට්ටම පහත හෙලනවා. මට්ටම පහත වැටීම නිසා සිරුරේ බර වැඩීවම වලක්වන්න අපහසුයි.

සුවපහසු නින්ද හිතට මෙන්ම ඇගටත් ගුණයි.

You may also read!

gene-cernan

සදටගිය අවසන් මිනිසා අවසන් ගමන් යයි

සදමත පා තැබූ අවසන් මිනිසා යනුවෙන් ලොවපුරා අවධානය දිනාගත් අමෙරිකානු ගගනගාමී කපිතාන් ජෙන් සර්නන් මියගොස් තිඛෙනවා. වර්ෂ 1972 දී

Read More...
_93584220__93552411_eight_richest_men_624-2-1

ලොවෙන් අඩක් ධනය අට දෙනෙකු අතේ

ඔක්ස්ෆෑම් පුණ්‍යායතනය උපුටා දක්වමින් බී බී සී සංදේශය සදහන් කලේ ප්‍රකෝටිපතියන් අට දෙනෙකු සතු ධනය ලොව ජනගහනයෙන් අඩක්වූ දුගී

Read More...
dsc_1406

ප්‍රවාහන ඇමති උතුරු පළාත් සභාවට දෙහි කපයි

උතුරු පළාත් සභාව වැඩි බලයක් ඉල්ලුවද ලබාදී ඇති බලයෙන් හෝ ප්‍රයෝජන ගෙන නැතැයි ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා

Read More...

Leave a reply:

Your email address will not be published.

Mobile Sliding Menu