hitcounter

අඩෝ ඝානාවේ ජනාධිපති පදවියට

In විදෙස්
_93306454__93306153_akufo-add

ඝානාවේ නව ජනාධිපතිවරයා ලෙස එරට හිටපු මානව හිමිකම් නීතිවේදි අකුෆෝ අඩෝ, අප්‍රිකානු රාජ්‍ය නායකයන් ඉදිරියේ දිවුරුම් දුන්නේය.

ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමෙන් පසුව සිදු කළ පළමු කථාවේදී අදහස් දැක්වූ අකුෆෝ අඩෝ, සිය පූර්වගාමියා වූ ‘ජෝන් ද්‍රමානි මහමා’ පැසසුමට ලක් කළ අතර පසුගිය මාසයේ පැවති ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වූ ද්‍රමානි මහමා, ඉතා ගෞරවාන්විතව ඔහුගේ පරාජය පිළිගත් බව සඳහන් කළේය.

බොහෝ අප්‍රිකානු නායකයන් සිය පදවිය අත්හැරීමට පසුබට වන අවස්ථාවක, ඝානාවේ බල හුවමාරුව ඉතා සාර්ථකව සිදු වූ බව එහි සිටින බීබීසී වාර්තාකරු පවසයි.

හැත්තෑ දෙවැනි වියේ පසුවෙන අකුෆෝ අඩෝගේ පදවිප්‍රාප්ති උත්සවය ‘අක්‍රා’ අගනුවර නිදහස් චතුරස්‍රයේ පැවති අතර, සම්භාවනීය අමුත්තන් දහස් ගණනක් එම අවස්ථාවට සහභාගි වූහ.

රටේ නිදහස් අධ්‍යාපනය සහතික කිරීම සඳහා කැපවී කටයුතු කරන බවට නව ජනාධිපති අකුෆෝ අඩෝ පොරොන්දු විය.

You may also read!

gene-cernan

සදටගිය අවසන් මිනිසා අවසන් ගමන් යයි

සදමත පා තැබූ අවසන් මිනිසා යනුවෙන් ලොවපුරා අවධානය දිනාගත් අමෙරිකානු ගගනගාමී කපිතාන් ජෙන් සර්නන් මියගොස් තිඛෙනවා. වර්ෂ 1972 දී

Read More...
_93584220__93552411_eight_richest_men_624-2-1

ලොවෙන් අඩක් ධනය අට දෙනෙකු අතේ

ඔක්ස්ෆෑම් පුණ්‍යායතනය උපුටා දක්වමින් බී බී සී සංදේශය සදහන් කලේ ප්‍රකෝටිපතියන් අට දෙනෙකු සතු ධනය ලොව ජනගහනයෙන් අඩක්වූ දුගී

Read More...
dsc_1406

ප්‍රවාහන ඇමති උතුරු පළාත් සභාවට දෙහි කපයි

උතුරු පළාත් සභාව වැඩි බලයක් ඉල්ලුවද ලබාදී ඇති බලයෙන් හෝ ප්‍රයෝජන ගෙන නැතැයි ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා

Read More...

Leave a reply:

Your email address will not be published.

Mobile Sliding Menu