hitcounter

කටුනායක අද සිට මාස 3 ක් පැය 8 කට වැසේ

In දේශීය
bia-katunayake
ප්‍රධාන ගුවන් පථයේ නඩත්තු කටයුතු හේතුවෙන් අද සිට මාස 03 ක කාලයක් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ පෙරවරු අටේ සිට පස්වරු හතරයි තිහ දක්වා වසා තැඛෙනවා.
මේ අනුව ගුවන් ගමන් කාල සටහන තරමක සංශෝධනයකට ලක් කර ඇති බවයි ගුවන් තොටුපළ බළධාරීන් සඳහන් කලේ. සිදුවිය හැකි ප්‍රමාද සහ අපහසුතා වලක්වා ගැනීමට සෑම ගුවන් මගියෙකුම ගුවන් ගමන ආරම්භ කිරිමට පැය පහකට පෙර ගුවන් තොටුපල වෙත පැමිණිය යුතු බවයි ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රකාශකයෙකු සදහන් කළේ.
එමෙන්ම මගීන්ට අවශ්‍ය තොරතුරු ලබා ගැනීමට සහ පුර්ව පරීක්ෂා කිරිම් සදහා ගුවන් සමාගමේ වෙබ් අඩවිය භාවිත කරන ලෙසටයි සමාගම ඉල්ලා සිටින්නේ. ගුවන් ගමන ආරම්භ කිරිමට පැයකට පෙර පරීක්ෂා කිිරිම් කවුලු වසා දැමීමට තීරණය කර ඇත්තේද ඇතිවිය හැකි අපහසුතා අවම කර ගැනීම සදහායි.
එමෙන්ම මෙම කාල සීමාවේදි ගුවන් ගමන් සදහා පැමිණෙන විට ගමන් මලු තුළ නියමිත බරට පමණක් භාණ්ඩ රැගෙන එන ලෙසටයි සමාගම දන්වා සිටින්නේ. මෙහෙයුම් කටයුතු සිදුවන අවස්ථාවේදී ප්‍රමාදයකින් තොරව ගුවන් ගමන් කටයුතු සිදු කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවයි ශ්‍රී ලංකන් ගුවන් සමාගම වැඩිදුරටත් සදහන් කළේ.

You may also read!

gene-cernan

සදටගිය අවසන් මිනිසා අවසන් ගමන් යයි

සදමත පා තැබූ අවසන් මිනිසා යනුවෙන් ලොවපුරා අවධානය දිනාගත් අමෙරිකානු ගගනගාමී කපිතාන් ජෙන් සර්නන් මියගොස් තිඛෙනවා. වර්ෂ 1972 දී

Read More...
_93584220__93552411_eight_richest_men_624-2-1

ලොවෙන් අඩක් ධනය අට දෙනෙකු අතේ

ඔක්ස්ෆෑම් පුණ්‍යායතනය උපුටා දක්වමින් බී බී සී සංදේශය සදහන් කලේ ප්‍රකෝටිපතියන් අට දෙනෙකු සතු ධනය ලොව ජනගහනයෙන් අඩක්වූ දුගී

Read More...
dsc_1406

ප්‍රවාහන ඇමති උතුරු පළාත් සභාවට දෙහි කපයි

උතුරු පළාත් සභාව වැඩි බලයක් ඉල්ලුවද ලබාදී ඇති බලයෙන් හෝ ප්‍රයෝජන ගෙන නැතැයි ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා

Read More...

Leave a reply:

Your email address will not be published.

Mobile Sliding Menu