hitcounter

ලස්සන දෙපා ආදරෙන් රැකගන්න

In ලිය අභිමන්, සුව දිවිය
foot1

අද අපි ලියඅභිමන් තුළින් කතා කරන්නේ ගොඩක් දෙනෙක් අවධානය යොමු නොකරන කරුනක් ගැන. ඒ තමයි දෙපා. විශේෂයෙන්ම රූපලාවන්‍ය ගැන ගොඩක් අවධානය යොමු කරන කාන්තාවන් පවා දෙපා ගැන ඒතරම් උනන්දුවක් දක්වන්නෙ නෑ.ඒත් ඔබ දන්නවාද යමෙකුගේ දෙපා මුහුන තරමටම පිරිසිදුව තිබිය යුතුයි. ඔබ දන්නවාද පවිත්‍ර අලංකාර දෙපා යුගලක් ඔබේ නිරවුල් මනසට පවා ලොකු ශත්කියක් එක්කරනවා.

අපි ඔබට කියලා දෙන්න යන්නේ දෙපා වෙනුවෙන් කරන්න පුලුවන් පුංචි සත්කාර කිහිපයක්.

දිනපතා වෙහෙස මහන්සිවෙලා වැඩ කරන ඔබ රාත්‍රී නින්දට යාමට පෙර විනාඩි 10 ත් හෝ 15 ත් අතර කාලයක් මද උනුසුම් ජලය තුළ දෙපා ගිල්වා තැබීම ඉතා යහපත්.ඒ මගින් යටි පතුල් සිහිල් වෙනවා වගේම පතුල් වල රලු භාවයද නැති වෙනවා. පසුව දෙපා ජලයෙන් පිටතට ගෙන ජලය පිසදමා දෙපා ආලේපනයක් භාවිත කරන්න.

ඒ වගේම තවත් ගොඩක් දෙනෙකුට තිඛෙන ගැටලුවක් තමයි යටිපතුල් පැලීයාම.එය සිරුරේ උෂ්ණත්වය පිටවීම සදහා සිදුවන්නක්. එහෙත් ඔබට ඊට පිලියම් කිහිපයක් තිඛෙනවා.

ඉදුනු කෙසෙල් ගෙඩියක් පොඩිකර එයට මී පැනි තේ හැන්දක් සහ දෙහි යුෂ ස්වල්පයක් එක්කර දෙපතුල් පැලී ඇති ස්ථානයේ ආලේප කරන්න.පැය භාගයකින් පසු එය උනු ජලයෙන් සෝදා හරින්න.

ඒ වගේමයි

කඩල පිටි මේස හැදි දෙකකට හාල් පිටි මේස හැදි දෙකක් වගේම සීනි ස්වල්පයක් මිශ්‍ර කර එය දෙහි යුෂ සමග මිශ්‍ර කර සකසා ගන්නා ආලේපනයත් බොහෝ ගුන දෙනවා. එය ආලේප කර විනාඩි 10 ක් පමන තබා මද උනුසුම් ජලයෙන් සෝදා හරින්න.

මෙවැනි ප්‍රතිකාර සුලු කාලයක් දින දෙකකට වරක් සිදුකිරීම මගින් අලංකාර දෙපා යුගලයක් ලබා ගැනීමට ඔබට හැකිවනවා. ඔබගේ රුව වැඩීමට පමණක් නොවේ මනා පෞර්ෂත්වයක් සදහාද පවිත්‍ර අලංකාර දෙපා යුගලක් තිබීම ඉතා වැදගත්.

foot2

You may also read!

gene-cernan

සදටගිය අවසන් මිනිසා අවසන් ගමන් යයි

සදමත පා තැබූ අවසන් මිනිසා යනුවෙන් ලොවපුරා අවධානය දිනාගත් අමෙරිකානු ගගනගාමී කපිතාන් ජෙන් සර්නන් මියගොස් තිඛෙනවා. වර්ෂ 1972 දී

Read More...
_93584220__93552411_eight_richest_men_624-2-1

ලොවෙන් අඩක් ධනය අට දෙනෙකු අතේ

ඔක්ස්ෆෑම් පුණ්‍යායතනය උපුටා දක්වමින් බී බී සී සංදේශය සදහන් කලේ ප්‍රකෝටිපතියන් අට දෙනෙකු සතු ධනය ලොව ජනගහනයෙන් අඩක්වූ දුගී

Read More...
dsc_1406

ප්‍රවාහන ඇමති උතුරු පළාත් සභාවට දෙහි කපයි

උතුරු පළාත් සභාව වැඩි බලයක් ඉල්ලුවද ලබාදී ඇති බලයෙන් හෝ ප්‍රයෝජන ගෙන නැතැයි ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා

Read More...

Leave a reply:

Your email address will not be published.

Mobile Sliding Menu