hitcounter

හිනැහෙන්න මුවින් – නොව හදවතින්

In ලිය අභිමන්, සුව දිවිය
smiling

සිනාව කියන්නේ මිනිසත් බව ලබා උපත ලද ඕනෑම පුද්ගයකුට එනම් කාන්තා / පිරිමි භේදයකින් තොරව ජාති / කුල / ආගම් භේදයකින් තොරව එකසේ අනෙකාට ලබා දියහැකි ඔබ සතු වටිනාම සම්පතයි. මෙලොව උපතලද මිනිස් ජීවියෙකුට උපතින්ම හිමිවූ අපූරුම ආභරණය වන්නේද සිනහවයි. එහෙත් කනගාටුවට කරුණ නම් වර්තමානයේ බොහෝ දෙනෙක් නොමිලේ තවත් කෙනෙක්ට දියහැකි හිනාවවත් නොදෙන්න තරම් නිහතමානි නොවීමයි. අප ජීවත්වන සමාජය තුල අව්‍යාජ හිනාවක් දකින්න පුලුවන්ද කියලත් සැක හිතෙන තරමට සිනහව මිනිස් ජීවිතයෙන් ඈත්වෙලා.

ඒ නිසාම අද අපි කතා කරන්නේ නිර්ව්‍යාජ සිනාවකින් ඔබට මොනතරම් වටිනාකම් හිමිකර ගන්න පුලුවන්ද යන්න පිලිබදවයි.

සිනහව තුලින් ගතසිත දෙකම එලෙස ප්‍රබා්ධමත්ව පවත්වා ගන්න පුලුවන්. සිනාව ඔබගේ මුලු ශරීරයම සැහැල්ලු කරනවා. හිතට වගේම ඇගට – මස්පිඩුවලට දැනෙන තෙහෙට්ටුව හරිම ඉන්මණින් නැතිකරන්න සිනහවට හැකියාව තියෙනවා. ඒ වගේම තමයි අපේ ශරීරයේ ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලිය වේගවත් කිරිමට සිනහහව ඉතාමත් අවශ්‍යයයි. ඔබගේ හදවත් ආරක්ෂා කරගන්න මේ ශරීරයේ ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලිය ඉතාම වැදගත්. මොලය ස්නායු සමග සම්බන්ධවන හෝමෝන වර්ග නිසිලෙස මුදාහරින්න හොදම ඛෙහෙත සිනහවයි.

මුලු ගතේම ඇති වේදනාවන් දුරු කරලා හිතේ ඇති විඩාව මගහරින්න හිනාව තරම් දිව ඔසුවක් තවත් නැතිතරම්. ඇගට දැනෙන සනීපය හේතුවෙන් හිත නිරතුරුවම සැහැල්ලුවෙනවා. ඒ නිසාම දවසේ වැඩ කාර්යක්ෂමව කරන්නත් සිනාව තුලින් විශාල අත්වැලක් ලැඛෙනවා. ඒ තුලින් ඔබට කාර්යාලයේ / නිවසේ මෙන්ම යහලු මිත්‍රයන් ඇසුරෙදී හොද පෞරුෂයක් ගොඩනගා ගන්න හැකිවෙනවා. ගතසිත සැහැල්ලු නම් සුවබර නින්දක් හිමිවනවා ඒකාන්තයි.

නොමිලේ දෙන්න පුලුවන් එකම දේ නිර්ව්‍යාජ සිනාවයි. හිනාවෙලා සතුටින් ඉන්න. සමහර විට ඔබගේ හිනාවට පුලුවන් තව කෙනෙක් ජීවත් කරන්න.

You may also read!

gene-cernan

සදටගිය අවසන් මිනිසා අවසන් ගමන් යයි

සදමත පා තැබූ අවසන් මිනිසා යනුවෙන් ලොවපුරා අවධානය දිනාගත් අමෙරිකානු ගගනගාමී කපිතාන් ජෙන් සර්නන් මියගොස් තිඛෙනවා. වර්ෂ 1972 දී

Read More...
_93584220__93552411_eight_richest_men_624-2-1

ලොවෙන් අඩක් ධනය අට දෙනෙකු අතේ

ඔක්ස්ෆෑම් පුණ්‍යායතනය උපුටා දක්වමින් බී බී සී සංදේශය සදහන් කලේ ප්‍රකෝටිපතියන් අට දෙනෙකු සතු ධනය ලොව ජනගහනයෙන් අඩක්වූ දුගී

Read More...
dsc_1406

ප්‍රවාහන ඇමති උතුරු පළාත් සභාවට දෙහි කපයි

උතුරු පළාත් සභාව වැඩි බලයක් ඉල්ලුවද ලබාදී ඇති බලයෙන් හෝ ප්‍රයෝජන ගෙන නැතැයි ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා

Read More...

Leave a reply:

Your email address will not be published.

Mobile Sliding Menu