hitcounter

ලාහෝර් ප්‍රහාරයේ මහ මොලකරු මරුට

In ක්‍රීඩා

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉලක්ක කරමින් 2009 වසරේ ලාහෝර් නුවරදී එල්ල කළ ප්‍රහාරයේ මහ මොළකරු ලෙසට සැලකෙන ක්වාරි අජ්මාල් ජීවිතක්ෂයට පත්ව තිබේ.

නේටෝ සහ ඇෆ්ගනිස්ථාන ආරක්ෂක අංශ විසින් පක්ටිකා පළාතේ සුරෝබි දිස්ත්‍රීක්කයේ සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමක් අතරවාරයේදී මොහු ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට පුවත් වාර්තා කරයි.

TTP හකිමුල්ලා සංවිධානයේ  නෂීර් වෂීර් ඇතුළු තිදෙනෙකු එම අවස්ථාවේදී මොහු සමග සිට ඇති බව සඳහන්ය.

එහෙත් ක්වාරි අජ්මාල් පුන්ජාබ් ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර පකිස්ථානයේ තවත් ඉස්ලාම් අන්තවාදී සංවිධානයක් වන  Lashkar-e-Jhangහි සාමාජිකයෙකු බව කියැවේ.

2009 මාර්තු මස පකිස්ථානයේ ලාහෝර් නුවරදී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් ගමන් ගත් බස් රථයට එල්ල වූ මෙම ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් 5දෙනෙකු තුවාල ලැබූ අතර පකිස්ථාන පොලිස් නිලධාරීන් 6 දෙනෙකු සහ වෑන් රථ රියදුරෙකු මරණයට පත්විය.

1173299960cri350

You may also read!

gene-cernan

සදටගිය අවසන් මිනිසා අවසන් ගමන් යයි

සදමත පා තැබූ අවසන් මිනිසා යනුවෙන් ලොවපුරා අවධානය දිනාගත් අමෙරිකානු ගගනගාමී කපිතාන් ජෙන් සර්නන් මියගොස් තිඛෙනවා. වර්ෂ 1972 දී

Read More...
_93584220__93552411_eight_richest_men_624-2-1

ලොවෙන් අඩක් ධනය අට දෙනෙකු අතේ

ඔක්ස්ෆෑම් පුණ්‍යායතනය උපුටා දක්වමින් බී බී සී සංදේශය සදහන් කලේ ප්‍රකෝටිපතියන් අට දෙනෙකු සතු ධනය ලොව ජනගහනයෙන් අඩක්වූ දුගී

Read More...
dsc_1406

ප්‍රවාහන ඇමති උතුරු පළාත් සභාවට දෙහි කපයි

උතුරු පළාත් සභාව වැඩි බලයක් ඉල්ලුවද ලබාදී ඇති බලයෙන් හෝ ප්‍රයෝජන ගෙන නැතැයි ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා

Read More...

2 commentsOn ලාහෝර් ප්‍රහාරයේ මහ මොලකරු මරුට

Leave a reply:

Your email address will not be published.

Mobile Sliding Menu